ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා ගිණුම් පවත්වාගෙන යෑම තහනම් කරමින් පසුගිය පෙබරවාරියේ පනවන ලද තහනම් නියෝගය ඇතුළත් ගැසට් පත්‍රය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක ලේකම් සම්පත් තුහිය කොන්ත මහතාගේ අත්සනින් යුතුව විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
L.T.T.E. සංවිධානයේ, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශ සීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය, ලෝක දෙමළ සහන සාධක අරමුදල, ජාතික තවුෆික් ජමාත් සංවිධානය, ජමාතේ, මිලාතේ ඊබ්‍රහීම්, කැනේඩියානු දෙමළ ජාතික කවුන්සලය, ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක් මෙන්ම මෙම සංවිධාන හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් 217 දෙනකු මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් තවදුරටත් තහනමට ලක් කර තිබේ.