මෙම මුදල, මීට පෙර 2021 දී ජයග්‍රහණය කළ නවසීලන්තය සහ 2023 දී ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියාව උපයා ගත් මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
මෙවර තරගාවලියේ අනුශූරයන් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,160,000ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 64.56ක්) හිමි විය.
තෙවැනි ස්ථානයට පත්වූ ඉන්දියානු කණ්ඩායමට ඩොලර් 1,440,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 43ක්) පිරිනමා ඇත.
හතර වැනි ස්ථානයට පත්වූ නවසීලන්තයට අමෙරිකානු ඩොලර් 1,200,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 36ක්) ලැබිණි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේදී හය වැනි තැනට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 840,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 25ක්) පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) කටයුතු යොදා තිබේ