යාපනය දිස්ත්‍රීක් පොලිස් විෂමත්ද්‍රව්‍ය නිවාරන ඒකකය විසින් ලැබුනු තොරතුරකට අනුව පොන්නාලෙයි රක්ෂිත ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජාවරම් කරුවන් පිරිසක් විසින් කේරලගංජා ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවකදී වැටලීමක් සිදුකොට ඇත.
එහිදී ජාවරම් කරුවන් පස් දෙනෙකු පලා ගොස් ඇති අතර එක් අයෙකු සමගින් කේරල ගංජා කිලෝ 293 ග්‍රෑම් 495 ක් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර ඔහු වඩුක්කොඩ්ඩෙයි පොලීසියට භර දීමෙන් අනතුරුව වැඩිදුර පරික්ෂණ වඩුක්කොඩ්ඩෙයි පොලීසිය සිදුකරයි.
මේ අතර යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව පොලිස් විශේෂකාර්ය බලකාය සහ යුදහමුදාව එක්ව වඩමාරච්චි පොලිකණ්ඩි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසියකදී කේරලගංජා කිලෝ 220 ක් සමග ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය ඉන්දියවේ සිට රැගෙන ඒමේදී මෙලෙස ආරක්ෂක අංශ දැක ජාවාරම් කරුවන් පලා යන්නට ඇති බවට සැක පල කරන අතරම කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසියට භර දීමට පියවර ගෙන තිබුණි.
– වන්නි රොමේෂ් මධූෂංක