මේ මාර්ගෝපදේශවල 7 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සදහන් බවත් එහි දී එක් එක් සභිකයාගේ නම අඩගසා විමසන ආකාරය ගැන සදහන්ව ඇති බවත් එසේ තිබියදී සමගි ජන බලවේගයත් විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරිම තුළ ක්‍රියාත්මක කිරීම තුළ සභාවල බලය ගැනීම නිසා අත්තනෝමතික ලෙස මේ මාර්ගෝපදේශ වෙනස් කරන්නට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ස්තූතිවන්ත වන බවත් කොළඹ නගර සභාවේ සභිකයන් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හරින්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් ඒ මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට ඕන ඕන ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මීට දින කිහිපයකට පෙර විමසූ අවස්ථාවේ පවා මේ මාර්ගෝපදේශ සලකන බවට පැවසූ නමුත් මේ මාර්ගෝපදේශ අමුඅමුවේ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට ස්ථාන ගණනාවකදී මේ මාර්ගෝපදේශ පැහැර හැර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.