Slider

සිරකරු මහින්දානන්දට තව ලොකු නඩුවක්..


හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට අදාළ කැරම් බෝඩ් සිද්ධිය හා සම්බන්ධ තවත් නඩුවකට අධිචෝදනා ​ගොනුකර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව දේශය කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ කලින් තීන්දුව දුන් කැරම් බෝඩ් නඩුව දූෂණය නමැති වරදට අදාළව පැවරුණු එකක් බවයි.

මෙම දෙවැනි නඩුව පැවරෙන්නේ අපරාධමය වරදක් සිදුකිරීම සම්බන්ධයෙනි.

එහි මෙම ගණුදෙනු සම්බන්ධව කුමන්ත්‍රණය කිරීමයන චෝදනාව ඇතුළත් බවය වාර්තා වේ.

එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි විත්තිකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ එවකට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාව සිටි හිටපු මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිව චෝදනා එල්ල වනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Deshaya
© all rights reserved
Designed by LCN Media