Slider

ඇමති සමන්ත මේසන් බාස් වෙයි.. කම්කරුවෙක් වෙයි..



වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ඉදි කෙරෙනු ලබන පූනාගල, කබරගල කොටසේ නායයෑමෙන් හානියට පත් වූ නිවාස සඳහා නව නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතියේ 28 දින සිදුකෙරෙන ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වින.

මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් මහතා ඇතුළු පිරිසක් එක්විය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබා දෙන යුද හමුදා සාමාජිකයින් ද, නිවාස ප්‍රතිලාභීන් ඇතිලු ප්‍රජාවේ දායකත්වයෙන් සාර්ථකව දවස පුරා මෙම ශ්‍රම දාන වැඩසටහන සිදු කරන ලදි.

සමන්ත විද්‍යාරත්න මහතා එහිදී පෙදරේරුවෙකු ලෙසත්, කම්කරුවෙකු ලෙසත් ශ‍්‍රමදානයට සිය ශ‍්‍රම දායකත්වය ලබා දුන්නේය.
© all rights reserved
Designed by LCN Media