“විදේශ පර්යේෂණ යාත්‍රා සඳහා සම්මතමෙහෙයුම් ක්‍රියාපටිපාටි සංශෝධිත රාමුවක් සකස් කරන තෙක් F. Nansen’s පර්යේෂණ යාත්‍රාව ශ්‍රී ලංකාවට සංචාරය කිරීම අවලංගු කරමින් ශ්‍රී ලංකාවේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයෙන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ඉකුත් මැයි 19 වැනිදා ලිපියක් යවා තිබිණ.
ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට එවා ඇති ලිපියෙහි සඳහන් කර ඇත්තේ මෙම අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1 කට වඩා පාඩු සිදුවිය හැකි බවත්, හරිත දේශගුණික අරමුදල විසින් අරමුදල් සපයනු ලබන ඉදිරි දේශගුණික අනුවර්තන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව අඩපණ කිරීමට ද හේතු විය හැකි බවත්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ මෙම ඉල්ලීම නැවත සලකා බලා එක්සත් ජාතීන්ගේ ධජය යටතේ මෙහෙයුම ඉදිරියට ගෙන යාමට ඉඩ දෙන ලෙසය.
එබැවින් රජයේ විධිමත් ඉල්ලීම මත, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය, සංචාරය එක්සත් ජාතීන්ගේ ධජය යටතේ ඉදිරියට ගෙන යාමට ඉඩ දීමට අමාත්‍යාංශය සලකා බලමින් තිබේ.
ඉදිරි ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීමට සහ අවශ්‍ය ඕනෑම අමතර තොරතුරක් ලබා දීමට නේවාසික සම්බන්ධීකාරක හැකි ඉක්මනින් රැස්වීමක් සඳහා සූදානම්ව සිටින බවද එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, SOP සමාලෝචනය සඳහා දැනටමත් කමිටුවක් පත් කර ඇති බවත්ය.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවත් විදේශීය පර්යේෂණ නෞකා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOP) සමාලෝචනය කිරීම සඳහා දින කිහිපයකට පෙර කමිටුවක් පත් කර ඇති බවත්ය.
කමිටුවේ පළමු රැස්වීම ඉතා ඉක්මනින් කැඳවනු ලබන බවත් ඔහු කීවේය.
සුනිල් ජයසිරි
ඩේලි මිරර්