2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,318,769 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,477,088 ක් ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.8% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත.
2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.7% ක පසුබැසීමක් වාර්තා කරන නමුත් කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 9.7% ක් සහ සියයට 2.8% ක් වශයෙන් වර්ධනයන් වාර්තා කර ඇත.