ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අංක තහඩු මුද්‍රණය භාරව සිටි සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 30 වැනිදා සිට මුද්‍රණ කටයුතු නතර කර ඇති බවයි.
කෙසේ වෙතත්, අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සමාගම් පහළොවක් ඉදිරිපත් වී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට ද බලපෑම් එල්ල වී තිබේ.