මෙම පැමිණිල්ල පෙරේදා රාත්‍රී 7.30 ට පමණ කරනු ලැබ ඇත්තේ එහි ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියකු විසිනි.
ගඩොල් කැබලිවලින් සහ ගල්වලින් මෙම පහරදීම කර ඇති බව පොලිසිය කියයි.
මෙම ගල් ප්‍රහාරයෙන් එම අධිකරණ ශාලාවට ඇතුළුවීමට ඇති දොරටුවට සහ ජනේලයකට වැදී විදුරු බිඳී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික ආරක්ෂක සේවාවකට අනුයුක්තව අධිකරණ සංකීර්ණයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට ශබ්දයක් ඇසී ගොස් බලන විට මේ බව දැක පොලිසියට පැමිණිලි කර ඇත.
ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට යන විට ගෙල්වලින් පහර දුන් අය දක්නට නොලැබුණු බව ද පොලිසියට පවසා ඇතැයි කියති.
කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Lankadeepa