ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන්ට කොතෙක් සංදේශ ඉදිරිපත් කළත් ඵලක් වී නොමැති බවයි.
පවතින තත්ත්වය අනුව, තවත් වසර 10-15ක් පමණ වන විට මහනුවර ඇසළ පෙරහැර සඳහා අලි ඇතුන් අටකට පමණ සීමා වීමට ඉඩ ඇති බවට ඔහු අනතුරු අඟවයි.
මෙම අදහස් පළ වී ඇත්තේ ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි නායක හිමිවරුන්, සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති පෙරහැර සාකච්ඡාවකදීය.
දියවඩන නිලමේවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම අලි ඇතුන්ගේ ගැටලුවට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් අත්‍යවශ්‍ය බවයි.
බලධාරීන් විසින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට සැරසෙන සෑම අවස්ථාවකම, විවිධ සංවිධාන සහ සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හරිනු ලබන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් එම උත්සාහයන් ඇණ හිටින බවද ඔහු පෙන්වා දෙයි.
අතීතයේ සිටම සංස්කෘතික උත්සව කටයුතු සඳහා අලි ඇතුන් යොදා ගත් බව දියවඩන නිලමේවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, අනාගතයේදී එවැනි කටයුතු සිදුකිරීම අපහසු වී ඇති බවත්, එය ශ්‍රී ලාංකේය සංස්කෘතියට ඉතා සෝචනීය තත්වයක් බවත් ඔහු ප්‍රකාශ කරයි.