මෙම නියෝගය කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ලකට අනුව නිකුත් කර ඇත.
මෙම වාරණ නියෝගය ජූලි 30 වනදා දක්වා බල පැවැත්වේ.
අධිකරණය විසින් සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන විත්තිකරුවන් දෙදෙනාට, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම තහනම් කරමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.