මෙම පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවේ, කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ෂණයකට අදාලවයි.
අල්ලස් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිෂන් සභාවට කිසිදු බාධාවක් නොමැති බවයි.
ධීවර වරාය නීතිගත සංස්ථාවට ඉදිරිපත් කළ වැලි කැණීමේ ව්‍යාපෘතියක් නීති විරෝධී ලෙස විදේශීය සමාගමකට පැවරීමෙන් රජයට රුපියල් ලක්ෂ 263කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් සෙස විමර්ශන සිදු කෙරේ.