මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්, එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නාලක ගොඩහේවා මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
අද දින සිට වසරක් ඇතුළත මෙම වන්දි මුදල ගෙවන ලෙස අධිකරණය නියම කර තිබේ. එසේම, වන්දි මුදලට අදාළ පළමු වාරිකය 2025 සැප්තැම්බර් 23 වන විට ගෙවිය යුතු බවටද නියෝග කරන ලදී.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ප්‍රධාන විනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.
මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධීවර ප්‍රජාව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවය.