මෙම වෘත්තීය දේශයකුන්ගේ සංගමය ඉතා කීර්තිමත් ගුරුවරු නියෝජනය කරන සංගමයක් බවද පැවසූ ඔහු එවන් සංගමයක සාමාජිකයකු වෙතින් එවන් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා ගුරු විදුහල්පති ගුරු උපදේශක ඇතුළු අංශ පහක වෘත්තීය භාවය ඉහල නැංවීම සඳහා කටයුතු කරන බවද පැවසූ ඔහු ඇතැමුන් එලෙස වෘත්තීයභාවය ඉහල නැංවීමේදී තම ජීවිකාව අවදානමට පත්වේදැයි සැකයකින් මෙවන් විරෝධතා ඉදිරිපත් කරන බවද කියා සිටියේය.
මේ අතර මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ‘උඹ’ යයි ආමන්ත්‍රණය කිරීමක් සම්බන්ධයෙන් වන සටහනක් තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබීම සම්බන්ධයෙන්ද සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් ඇත.