අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“අපේ කණ්ඩායම වොෂින්ටනයට යනවා. සාකච්ඡා දිගටම පැවැත්වෙනවා. අගෝස්තු 01 වන දිනට පෙර අපට පනවා ඇති බදු අඩු කර ගැනීමට අපි උපරිම උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම සඳහා දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. අපි ඒ පිළිබඳව බලාපොරොත්තු තබාගෙන ඉන්නවා.”