Slider

BYD ලියාපදිංචිය නවතී…? විශාල බදු වංචාවක් යයි චෝදනා..



විද්‍යුත් වාහන ආනයනයේදී ඒජන්තවරුන්ට සහ ආනයනකරුවන්ට පරස්පර බදු පනවා ඇති බවට ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමයේ චෝදනා කරයි.

එහි සභාපති ඉන්දින සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ මෙම බදු ක්‍රමය වෙනස් කිරීමට රේගුව කටයුතු කළ යුතු බවය.

‘මේක අසාධාරණ වැඩක්. ලොකු ලොකු අයට එක විදියකුත් පොඩි පොඩි අයට එක විදියට සැලකීම නීතිය දෙයාකාරයක් කිරීම වැරදි.

එකම මෝටර් එක තියෙන එකම චැසි අංක එක මෝටර් කාණ්ඩ තියෙන වාහනයක් අපි ගෙනාවොත් බද්ද වැඩියි ලක්‍ෂ 30-40කින් විතර. එනිසා වැරදි නිර්වචනයක් තුළ තමයි බදු අය කරල තියෙන්නේ.

ලොකු පරීක්ෂණයක් මං හිතන්නේ රේගුවෙත් යනව. ඉදිරියේදී මම හිතන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් මේක නිරාකරන කරන තුරු ලියාපංදිචි කරන්න බැරි තත්වයක් කියල මට ආරංචියි.

ලක්ෂ හතලිහක් පනහක් අතර මුදලක් රජය පාඩු ලබලා තියෙනවා අඩුවෙන් බදු ගෙවීම සම්බන්ධයෙන්.

කිලෝ වොට් 150ක් වෙච්ච මෝටර් එක තියෙන වාහන තමයි ලෝකෙ හැම තැනටම BYD ඇටෝ, සීල් එක වගේ වාහන යන්නේ. අපේ බදු අය කරන්නේ මෝටර් එකේ මේ මැක්සිම් පවර් එකක.

ලංකාවෙදි බදු වංචා කිරීම සඳහා මේක යොදාගෙන පරිගණකය මගින් අඩු කරලා 150 කිලෝ වොට් වලට මෝටර් එකට බදු අය කරලා තවත් අයෙක් එම වාහනයම 100 කිලෝ වොට් කියලා ආනයනය කරොත් මේ කිසිම නීතිය සමානතාවයක් නැති වෙනවා’
© all rights reserved
Designed by LCN Media