Slider

ඇසල පෙරහැරට පොලිසියෙන් සුපිරි වැඩක්..



මහනුවර ශ්‍රී දළඳා මාලිගය වාර්ශිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය 2025.07.30 වන දින ආරම්භ කර 2025.08.08 වන දින දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය අපේක්ෂා කරනු ලබයි.

එබැවින් ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

ඒ අනුව, දළදා පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් “මහනුවර ඇසළ පෙරහැර – 2025” තොරතුරු කළමණාකරන පද්ධතිය ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇත.

මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාවද ඇත.

රථගාල් කළමණාකරණය කරනු ලබන පොලිස් නිලධාරින් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරනු ලබන අතර එම තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා ජනතාවට මෙම මෘදුකාංගය භාවිතා කළ හැකිය.

මෙම පද්ධතියට පිවිසීමට :-

www.police.lk යන පොලිස් වෙබ් අඩවියට පිවිස “මහනුවර ඇසළ පෙරහැර ” හෝ
https://kandyesalaperahera.police.lk යන යෙදවුම් භාවිතා කළ හැකිය.
© all rights reserved
Designed by LCN Media