අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ නිලධාරියෙකුට නිකුත් කරන නිල රථ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛයක් පවතින බවත්, ඒ අනුව කටයුතු කර ඇති බවත් ය
අනතුර සිදුවීමෙන් පසු, තලංගම පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් රියදුරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත කඩුවෙල අධිකරණය මගින් මුදා හැර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම, අනතුරින් හානියට පත් වින්දිතයන්ට යම් වන්දියක් ලබා දීමටද කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම විවිධ ආකාරයෙන් අර්ථ දැක්විය හැකි වුවද, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය