අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පසුගිය රජය සමයේ චීන සමාගමකින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් හේතුවෙන් රජයට සිදුවූ මූල්‍ය පාඩු සම්බන්ධයෙන් කොමිසම විසින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.