වීටන් හි පිහිටි මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි මහින්ද සමරසිංහ මහතා, උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුව, පැවැති අදහස් හුවමාරුවේ දී කියා සිටියේ ශ්‍රි ලංකාව සඳහා වන ඇමරිකානු තීරුබදු සහනය ලබා ගැනීම ශ්‍රි ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහනයක් බවයි.
ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ මඟ පෙන්වීම යටතේ, තමා ගත් රාජ්‍යතාන්ත්‍රික පියවර මහින්ද සමරසිංහ මහතා කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ වෙත, පැහැදිලි කර සිටියේය.
ඇමරිකානු තීරුබදු ප්‍රතිශතය තවදුරත් අවම කර ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සහය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කියා සිටි මහින්ද සමරසිංහ මහතා, දැනට ලැබී ඇති තීරුබදු සහනය ශ්‍රි ලංකා ආර්ථිකයට ගුණාත්මක බලපෑමක් ඇතිකරනු ඇතිබවත් කියා සිටියේය.
මහින්ද සමරසිංහ මහතා 2021 දෙසැම්බර් මාසයේ සිට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන්නේ එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පත් කිරිමක් මතයි.