පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 28 හැවිරිදි හිමිනමක් මත්පැන් පානය කර, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවාගෙන යද්දී ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කර ඇත.
මෙම අනතුරෙන් පසු උන්වහන්සේව සහ බස් රථයේ රියදුරුව හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුර සිදුව ඇත්තේ, පානදුර සිට කිඳෙල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථය සහ තේක්කවත්ත දෙස සිට පානදුර දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය එකිනෙක ගැටීමෙනි.
වලංගු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ බීමත්ව අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනාව මත ලංගම බස් රථයේ රියදුරුද අත්අඩුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හිරණ පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරගෙන යනු ලැබේ.
