විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු, අතිරේක මහෙස්ත්‍රාත් නිලාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
දෙමටගොඩ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එම ඉඩම එළිපෙහෙළි කර විකිණීමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා, එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියෝග කර ඇත.