Slider

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…



ආගමන හා විකමන පාලක ජනරාල් හර්ශ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අතුරු තහනම් නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර යැයි එලවූ චෝදනා වලට වරදකරු කරමිනි.

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබින.
© all rights reserved
Designed by LCN Media