මේ සිද්ධියවූයේ මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශ උසස් නිලධාරියෙකු හමුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී බව එම ජපන් ආයෝජකයන් පිරිස සම්බන්ධීකරණය කළ රාජපුත්‍ර සමූහ ව්‍යාපාරයේ සභාපති සජීව් රාජපුත්‍ර මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
” ඇත්තෙන්ම මට ඕන වුණේ මේ රට වෙනුවෙන් මේ වටිනා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරලා මාර්ග අනතුරුවලින් මියයන මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. මේක මටම දෙන්න කියලා දෙයක් නැහැ. වෙන කවුරු හරි මේ වැඩේ ක්‍රියාත්මක කළත් කමක් නැහැ. මම මේ වැඩ පිළිවෙල රජයට ඉදිරිපත් කරන්න සූදානම්. ක්‍රියාත්මක කරන නොකරන එක ඒගොල්ලන්ට අයිති වැඩක්. මම මේ වැඩේට ඉදිරිපත් වුණේ රට ගැන හිතලා බොහොම සද්භාවයෙන්” යැයි රාජපුත්‍ර මහතා එහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොදීමෙන් තමා මෙන්ම ජපන් ආයෝජකයන් පිරිස දැඩි අපහසුතාවයට පත්වූ බවත් එම ජපාන ආයෝජක පිරිස මෙහි කැඳවීමට සහ නවාතැන් සැපයීමට තමාට ලොකු පිරිවැයක් දැරීමට සිදුවූ බවත් සජීව් රාජපුත්‍ර මහතා ප්‍රකාශ කළේය.
මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ පිළිවෙළ වසර අටක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වුණු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Lankadeepa