ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසිය ගණනකට ලංකාවේ රුපියල් වලින් නම් දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක වැනි මිලකට අලෙවි වූ බවද හෙතෙම කියා සිටී.එය ගිනස් වාර්තාවක් බවද ඒ මහතා සඳහන් කළේය.
අදටත් ශ්‍රී ලංකාවේ තේ වලදීම් තියෙන ගුණාත්මක භාවය පවතින බවද ඔහු සඳහන් කළේය.
එනිසා ඉල්ලුමට සරිලන සරිලන ගුණාත්මක තේ නිෂ්පාදනයක් සැපයීම අභියෝගයක් ලෙස භාර ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.
කොළඹදී පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මින් පෙර අවස්ථා කිහිපයකදී නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වී තිබුණද කිසිදු අවස්ථාවක එය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ ද නැත.
නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් සම්මානයක් වන අතර, එය මානව වර්ගයාට විශාල ප්‍රතිලාභ ලබා දුන් පුද්ගලයන්ට සහ සංවිධානවලට වාර්ෂිකව පිරිනැමේ.
මෙම ත්‍යාගය ස්වීඩන් ජාතික නව නිපැයුම්කරුවෙකු, රසායන විද්‍යාඥයෙකු, ඉංජිනේරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ඔහුගේ අවසන් කැමැත්ත මගින් ස්ථාපිත කරන ලදී. ඩයිනමයිට් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධය.
පළමු නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ 1901 වර්ෂයේදීය.
ත්‍යාගලාභියෙකුට රන් ආලේපිත පදක්කමක්, සහතික පත්‍රයක් සහ සැලකිය යුතු මුදල් ත්‍යාගයක් හිමිවේ. ත්‍යාග මුදල නොබෙල් පදනමේ ආදායම මත වෙනස් වේ.
සෑම වසරකම දෙසැම්බර් 10 වන දින, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභාවයෙන් සංවත්සරය දින, සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලැබේ.
එක් ත්‍යාගයක් සඳහා උපරිම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුට පමණක් බෙදා දිය හැකිය.
සාම ත්‍යාගය හැර අනෙකුත් ත්‍යාග පුද්ගලයන්ට පමණක් පිරිනැමේ. සාම ත්‍යාගය සංවිධානයකට ද පිරිනැමිය හැකිය.
සාමාන්‍යයෙන් මරණයෙන් පසු ත්‍යාග පිරිනැමීම සිදු නොකරයි. එහෙත්, ත්‍යාගය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී පුද්ගලයා ජීවතුන් අතර සිටිය යුතුය.