ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරියේද මේ ආකාරයට සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව තම කොමිෂන් සභාව මඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ පාර්ශ්වවලින් තොරතුරු ලබාගත් බවත්, එමඟින් හානියක් සිදු නොවන බව තහවුරු කරගත් බවත් එම කොමිෂන් සභාවේ මහ ලේකම් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ පවසයි.
කෙසේ වෙතත් ඊට යුනෙස්කෝ සංවිධානයේ අනුමැතිය ගත යුතුව ඇති බවද මහ ලේකම්වරයා පෙන්වා දෙයි. ආන්දෝලනයට තුඩු දී ඇති සිංහරාජයේ ඉළුඹකන්ද සිට සූරියකන්ද දක්වා මාර්ගය පිළිබඳ විමසීමේදී වන සංරක්ෂක ජනරාල් ඩබ්. ඩබ්. එම්. පී. එස්. සී. පාලම්කුඹුර එවැන්නක් වාර්තා වී නැති බවත්, අදාළ ප්‍රදේශය සිංහරාජයට අයත් බව ගැසට් කර ඇති බවත් පැවසීය. පරිසර ඇමැති ධම්මික පටබැඳි පවසන්නේ එවැනි කිසිදු ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවත්, එවැන්නක් සිදු කිරීමට ඉඩනොදෙන බවත්ය.
කෙසේ වෙතත් පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා සිදු කර, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එහි නිරීක්ෂණයට ගොස් ඇති බවයි. ඉන් පසු එහි ජනතාව නීතිවිරෝධි ලෙස ප්‍රෙද්ශයට හානි කරමින් සිටින බවද පරිසරවේදීහු අවධාරණය කරති.
අසංක කරුණාරත්න