Slider

‘කෑගැහුවට එයා තරං ඔයා ලස්සන නෑ..’ – කීවාට ප‍්‍රසාද්, ලක්මාලිගෙන් සමාව ඉල්ලයි…



සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ඊයේ දින (10) පාර්ලිමේන්තුවේදී මා විසින් කරන ලද ප්‍රකාශයක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට පුද්ගලිකව අපහාස වන ලෙස හුවමාරු වූ බව මම නිරීක්ෂණය කළෙමි.මම දේශපාලනය කරන්නේ සදාචාරාත්මක ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මතය. විරුද්ධ මත පළකරන අය සමඟ ගැටෙන්නේද ඒ ප්‍රතිපත්තිමය කරුණු මත පමණක්ය, කිසිවිටෙකත් පුද්ගලික කරුණු මත නොවේ.

අද පාර්ලිමේන්තුවේදී මගේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත නොවන ප්‍රශ්නයක් විමසීම හා මගේ කතාව අතරතුර මයික්‍රෆෝනය අක්‍රීය කිරීම නිසා ඇතිවූ ආවේගය මත මා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී.

එමගින් ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට සිත් රිදවී ඇත්නම් ඒ පිළිබඳව මම කණගාටුවට පත්වන අතර මගේ හෘදයාංගම සමාව ද පළ කරමි.

ආදරණීය සමඟි ජන බලවේගයේ හිතවතුන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම ප්‍රකාශය පෞද්ගලික කරුණක් ලෙස නොව, ප්‍රතිපත්තිමය විවාදයක කොටසක් ලෙස සලකා බලන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
© all rights reserved
Designed by LCN Media