ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැති වීම හේතුවෙන් සිය අස්වනු කුණු වීමට ලත් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වන විට දෛනිකව තම අස්වැන්න තම ගබඩා වලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවිහු පෙන්වා දෙති.
ලුනු බීජ කිලෝ එකතින් ලූනු අස්වැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවින් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත දමා ඇති බවයි.
දැඩි දුෂ්කරතා මධ්‍යයේ පසුගිය යල කන්නයේ ලූනු වගා කළ හුරුළුනිකවැව ගොවින් පෙන්වා දෙන්නේ ලූනු කිලෝවක් සඳහා වෙළඳ පොලේ රුපියල් 80 – 100 කට ආසන්න මුදලකට පැවතීම කනගාටුදායක බවයි.
– චින්තක ක්‍රිෂාන්තබාලසූරීය