Slider

‘පුවක්දණ්ඩාවේ සනා’ ගැන විමල්ගේ ප‍්‍රකාශය මාධ්‍යට කිවාවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය ගැන පොලිසියෙන් පරීක්‍ෂණයක්…



ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් තංගල්ල පොලිසියට ලබා දුන් ප්‍රකාශය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.එමෙන්ම, පොලිස්පතිවරයා කියා සිටියේ විමල් වීරවංශ මහතා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද අපේක්ෂා කරන බවයි.

තංගල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පුවක් දණ්ඩාවේ සනා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර සමීප සබඳතා ඇති බවට විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් ඒ මහතාව කැඳවා ප්‍රශ්න කර තිබිණි.

මෙම ප්‍රශ්න කිරීම් පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබින.

© all rights reserved
Designed by LCN Media