පෙත්සම්කරුගේ ප්‍රධාන තර්කය වන්නේ විහාර හා දේවාල ගම් පනතට අනුව දළදා මාලිගාවට අයිති ප්‍රවේණිගත දේපළ පැවරීම, බදු දීම හෝ විකිණීම (අන්සතු කිරීම) මුළුමනින්ම තහනම් බවයි.
කෙසේ වෙතත්, වත්මන් වැඩබලන නිලමේවරයා විසින් පසුගිය කාලසීමාව තුළ මෙම දේපළ අවභාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව මහවත්ත මහතා අධිකරණයට දන්වා සිටී. උඩ ගෙදරවත්ත සහ දූලදෙනියවත්ත යන ඉඩම්වල කොටස් විකුණා ඇති බවට තොරතුරු පැමිණ තිබීම මෙහිදී උදාහරණ ලෙස පෙත්සමෙහි දක්වා ඇත.
මේ නිසා, දළදා මාලිගාවට අයත් සියලුම නිශ්චල දේපළ සහ වත්කම් තවදුරටත් අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම වැළැක්වීමට නියෝගයක් පනවන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
තවද, දළදා මාලිගාවේ පාලන කටයුතු තාවකාලිකව මෙහෙයවීම සඳහා භාරකරුවකු පත් කිරීමට සහ එම වත්කම් පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදු කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලෙසද මෙම පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.