Slider

ලංකාවට ගංජා ආයෝජකයන් පෝලිමේ එති..



ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ කංසා වගා කිරීමේ සහ අපනයනය කිරීමේ ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයින් කිහිප දෙනකුගෙන් යෝජනා ලැබී ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කරන පරිදි, හොංකොං සහ තායිලන්තය වැනි රටවල ආයෝජකයින් ගණනාවක් කංසා ආශ්‍රිත කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ එයට ආයෝජනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරිපත් කර තිබේ.දැනට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගෙන්ද යෝජනා අටක් (8) පමණ ලැබී ඇති බව විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, මෙම යෝජනා සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට පෙර රජය තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්, අවසන් එකඟතාවක් තවම ලබා දී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
© all rights reserved
Designed by LCN Media