Slider

පද්මෙ සමග ශ‍්‍රීමාලි ෆොන්සේකාගේ පින්තූර එලියට…



රංගන ශිල්පිනී ශ්‍රීමාලී ෆොන්සේකාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්ණ කර ඇත.

දැනට රැඳවම් නියෝග මත ප්‍රශ්න කෙරෙන කෙහෙල් බද්දර පත්මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය කැදවා තිබින.

කෙසේ වෙතත් එම ඡායාරූපය ගන්නා අවස්ථාවේදී අදාළ පාතාල නායකයා පිළිබඳව තමන් දැන සිටියේ නැති බව ශ්‍රීමාලී ෆොන්සේකා මහත්මිය අවධාරණය කළාය.

ඇය පැහැදිලි කළේ එම ස්ථානයේ සිටි පිරිස අතර බොහෝ පිරිස් තමන් සමඟ ඡායාරූප ගත් බවත් අදාළ ඡායාරූපයද ඒ අතරේ තිබූ බවත්ය.

අදාළ ඡායාරූපය අවුරුදු උත්සවයකට ගිය අවස්ථාවකදී ලබා ගත් එකක් බව පැවසූ ඇය එම අවුරුදු උත්සවයට බොහෝ පිරිස් සම්බන්ධ වූ බවත් එවන් අවස්ථාවක ගන්නා ලද එම ඡායාරූපය තමා සතුවද ඇති බවත්ය.
© all rights reserved
Designed by LCN Media