ඔහු මේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සව අවස්ථාවේ පාක්ෂිකයින් අමතමිනි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.
“දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියා ගන්න. මම සම්බන්ධීකරණ ලෙකම්වරු පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි කියන එක මම තමුන්නාසේලාට මතක් කරන්න කැමතියි.
මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න. අපට තවම නීතිය පිලිබඳ දැඩි විශ්වාසයක් තියනවා. ඒ නිසා නීති මගින් ගන්න පුලුවන් උපරිමයෙන් අපි හැම අවස්ථාවකදිම කටයුතු කරනවා” ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේය.