ශ්‍රී ලංකා තැපෑල මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනයට දායකත්වය සැපයීමක් ලෙස ද මෙම ව්‍යාපෘති හදුන්වා දිය හැකි බවත්, අභියෝගාත්මක අනාගතයකට ශක්තිමත්ව මුහුණදීමට නව්‍යකරණය හා බැදුණු ධනාත්මක පරිවර්ථනයක් අවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.
සංචාරක නිවහනේ නාම පුවරුව විවෘත කිරීම, විදුලි ආලෝකය ක්‍රියාත්මක කිරීම, විදේශීය සංචාරකයින් තිදෙනෙකු සහ දේශීය පාරිභෝගිකයින් සඳහා සමරු මුද්දර අලෙවිය, සංචාරක නිවාසයේ ප්‍රථම වෙන් කිරීම සිදු කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ සහභාගීත්වයෙන් මෙහි දී සිදූවිය.
2018 වසරේ විවෘත කර ඇති ඇල්ල තැපැල් කාර්යාලයේ ඉහළ මහළේ ස්ථානාධිපතිවරයා සඳහා නිල නිවසක් වූ අතර, එම නිල නිවස 2024 වසරේ රුපියල් මිලියන 4.5 ක වියදමකින් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබුණි. නමුත් සංචාරක නිකේතනයකට සරිලන පරිදි එම නිල නිවස සම්පූර්ණ අළුත්වැඩියාවක් සිදු කර අවශ්‍ය ගෘහ භාණ්ඩ ද ලබාදීමට පියවර ගනිමින් සහ හදුනාගත් අඩුපාඩු සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් 2025 වසරේ ද රජය රුපියල් මිලියන 02 ක පමණ මුදලක් වැය කරමින් මෙලෙස තැපෑලට ආදායම් උත්පාදන ක්‍රමවේදයක් ලෙස විවෘත කිරිමට පියවර ගැනුනි.
වර්තමානයේ ඇල්ල ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරක ආකර්ශණය ඉහළින්ම දිනා ගත් ප්‍රදේශයකි.