හැබ්බැකන්ද, හිටිගේගම, ඇල්ලඋඩ, පේරගොල්ල, පේරගහාමුල, ඇබර්ඩින්, ලකම්, බදුපොළ, බලංතොට, යන ප්‍රදේශයන් තුල මෙම රිලා රංචු වැඩි වශයෙන් සැරිසරන බවත් එම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථවයන්ට පත්ව ඇති බව එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තම ප්‍රදේශවල සැරි සරණ රිලා රංචු තම නිවෙස්වලට පැන නිවෙස්වල දමා ඇති දොර ජනෙල් තිර රෙදි ඇතුළු විවිධ දේ විනාශ කරන බවත්ය.
එමෙන්ම නිවෙස්වල කුස්සි තුල උයා ඇති බත් වැංජන මුට්ටි පිටින් ඔසවා ගෙන යන බවත් එයට අමතරව තමන් ඉතාමත් දුකසේ වගා කරන බව බෝග විනාශ කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි ආර්ථික ප්‍රශ්නවලටද තමන්ට මුහුණ දිමට සිදුව ඇති බවත්ය.
මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම රිලා රංචු අල්ලා වෙනත් වනාන්තරවලට රැගෙන යාමට අදාල නිලධාරින් පියවර ගන්නේ නම් එය තමන්ට කරන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා