හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල මහත්වරුන් විසින් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට සහ සමස්ත කොමිෂන් සභාවට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැමිණිල්ල මගින් ඉල්ලා සිටී.
අදාළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාවන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ කොමිෂන් සභාවට කරන ලද අපහාසයක් ලෙස සැලකිය හැකි බව මෙම පැමිණිල්ලේ ප්‍රධාන වශයෙන් සඳහන්ය.
පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා විසින් වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෑතකදී සමාජ සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ වගකීම් දැරූ අයකු ලෙස හඳුන්වා දෙමින් පුළුල් කතාබහක් ඇති කළ බවයි.
තවද, හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විනිසුරුවරයෙකුව සිටි සමයේදී නීත්‍යනුකූල නොවන ආකාරයට සිය දරුවකු පාසලකට ඇතුළත් කළේ යැයි චෝදනා කර ඇති බවත්, එම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ වගකීම් දැරූ අයකු වශයෙන් සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක්ව සිදු කර ඇති බවත් පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් කොමිසම වෙත දන්වා තිබේ.