Slider

විදුලි ගාස්තු නැංවීම ප‍්‍රකාශ කරන සුබ මොහොත ලංවෙයි…



ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ යෝජනා කරන ලද 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ අවසාන තීරණය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව තවත් සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ වන විට, විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම ක්‍රියාත්මක වෙමින් පවතී.

එහි අවසන් වටය වන බස්නාහිර පළාතට අදාළ සැසිය ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ අවසාන තීන්දුව ගැනීමට නියමිතය.

මෙම ගාස්තු සංශෝධනය කිරීමේදී විදුලිබල පනතට සහ අදාළ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරයි.

මෙම ගාස්තු ඉහළ නැංවීමට හේතුව වී ඇත්තේ, මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 1769ක හිඟයක් ඇති වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබීමයි.

යෝජිත 6.8%ක ගාස්තු වැඩිවීම තුළින් එම හිඟය පියවා ගැනීම CEBහි අපේක්ෂා කරයි.
© all rights reserved
Designed by LCN Media