විපක්ෂය විසින් සංවිධානය කරන ලද මහා ජන හඬ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
මේ අතර එම පෙර දින රාත්‍රියේ නුගේගොඩට පිවිසෙන මාර්ගයන්හි දෙපස තණකොළ එල්ලා තිබෙනු නිරීක්ෂණය වෙයි.
