අදාළ ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය, එහි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට ද පියවර ගත්තේය.එහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් වරාය අධිකාරිය වෙත යෝජනා දෙකක් ඉදිරිපත් කරනු ලැබීය.
ප්‍රභාත් මලවිගේ මහතා මීට පෙර දැරූ "අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්)" තනතුරෙහි වර්තමානයේ පුරප්පාඩුවක් පවතින්නේද යන්න විමසා බලා, එහි ඔහු යළි පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ අධිකරණයට දන්වන ලෙස නියම විය.
මෙම නඩු විභාගය අවසන් වන තෙක්, දැනට කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ සිටින ගනක හේමචන්ද්‍ර මහතා ඔහුගේ පෙර තනතුරේම රඳවා තබා, කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩබලන නිලධාරියෙකු පත් කිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ එකඟතාව විමසන ලෙස දැනුම් දෙන ලදී.
අතිරේක සොලිසිටර් ජනරාල් වෙත උපදෙස් දෙමින් විනිසුරු මඩුල්ල අවධාරණය කළේ, වරාය අධිකාරියේ උපදෙස් ලබාගෙන මෙම යෝජනා සම්බන්ධයෙන් වන ස්ථාවරය ලබන ජනවාරි මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.