එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා විසින් දෙසැම්බර් 4 වනදා උදෑසන පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
රට පුරා සිටින බිත්තර දමන කිකිළියන් තිහක් (3,000,000) පමණ ස්වභාවික ආපදා තත්ත්වය නිසා මරණයට පත්වී ඇත. මෙම අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් දැනටමත් වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී සමස්ත රට තුළම බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජයවර්ධන මහතා අවධාරණය කළේය.මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවීමට ප්‍රධානම හේතුව වන්නේ පැන නැගී ඇති බිත්තර හිඟයට රජයේ කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂා කිරීමයි.
එළඹෙන නත්තල් සහ 2026 නව වසරේ උත්සව සමය තුළදී සමස්ත වසරේ කේක් අලෙවියෙන් සියයට 25 ක ප්‍රමාණයක් සිදු වේ. බිත්තර හිඟයක් ඇති වුවහොත් මෙම උත්සව සමයේ වෙළඳාමට එය දැඩිව බලපානු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
බේකරි නිෂ්පාදන සඳහා පිටි, සීනි, බිත්තර සහ මාගරින් අත්‍යවශ්‍ය මූලික අමුද්‍රව්‍ය හතර වේ. බිත්තර හිඟයක් මතු වුවහොත්, එක්කෝ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුවනු ඇත, නැතහොත් සමස්ත බේකරි නිෂ්පාදන කර්මාන්තයම නතර වීමේ අවදානමකට ලක්විය හැකි බව ඔහු පැවසීය.
එබැවින්, ජයවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ, පවතින තත්ත්වය පිළිබඳව මනා අධ්‍යයනයක් කර, රටේ මතුවෙමින් තිබෙන බිත්තර හිඟය කළමනාකරණය කිරීම සඳහා විකල්ප විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.
