ලංකාව මුහුණ පෑ දැවැන්ත ස්වාභාවික ආපදාව හමුවේ විදෙස් රටවලින් ලැබුණු ආධාර මුදල ඉතාම සොච්චමක් බව හිටපු අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
ඇමරිකාව ඩොලර් මිලියන දෙකක් ද එංගලන්තය ඩොලර් අටලක්ෂ අනූදහසක් ද ආධාර ලබා දෙන බව ප්‍රකාශ කරන විට ලොව බලවත් රටවල් ලංකාව කෙතරම් පහත් තත්ත්වයකට දමා ඇතිදැයි පැහැදිලි වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.රටට ආධාර දෙන අවස්ථාවක එය අවතක්සේරු කිරීමට අයිතියක් නැත ද මාලදිවයිනේ ජනතාව ඩොලර් මිලියනයක් එකතු කර ලබා දෙන බව ප්‍රකාශ කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
අතීතය සමග සසඳන විට මෙය හිඟන්නෙකුට දෙන මුදලක් මෙසේ ලබා දීම ඔවුන්ගේ රටවල තත්ත්වට පවා හොඳ නැති බව ද ආධාර නොදී සිටීම වෙනම කතාවක් බව ද විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.
