ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු යටතේ සේවකයන් 2,158 දෙනෙකු රැකියාවෙන් ඉවත්වීමට නියමිත අතර ඔවුන් සඳහා වන වන්දි මුදල විදුලි බිලට එකතු කිරීමට කටයුතු කරමින් පවතී.
2026 වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් රුපියල් මිලියන 874ක මුදලක් බිල්පත් හරහා පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇත.
මෙම වර්ෂයේ පළමු කාර්තුවේ විදුලි බිල 11.57% කින් වැඩි කරන ලෙස විදුලි බල මණ්ඩලය කර ඇති යෝජනාවට මෙම පිරිවැයද ඇතුළත් බව ඒ මහතා සඳහන් කළේය.
2024 අංක 36 දරන සංශෝධිත විදුලි බල පනත ප්‍රකාරව පාරිභෝගිකයන්ගෙන් අය කරගත හැක්කේ විදුලිය උත්පාදනය හා බෙදා හැරීම සඳහා යන සෘජු පිරිවැය පමණක් බව සංජීව ධම්මික මහතා පෙන්වා දෙයි.
රැකියාවෙන් ඉවත්වන සේවකයන්ට වන්දි ගෙවීම සඳහා පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්, මෙය ජනතාව මත පටවන අනවශ්‍ය බරක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අසාධාරණ යෝජනාව වහාම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම යෝජනාව නිවැරදි කිරීම සඳහා වහාම ආපසු හරවා යැවිය යුතු බවත් සංගමය අවධාරණය කරයි
