Slider

මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවිය ආණ්ඩුවට විපක්‍ෂ කුමන්ත‍්‍රණයක්..



මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ඒ පිළිබඳව මේ වන විටත් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එම විමර්ශනයෙන් අනතුරුව, අදාළ වරදට වගකිව යුතු සියලුම නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.මීට අමතරව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. එමගින් මෙම ව්‍යසනකාරී ක්‍රියාව පිටුපස ඇති සැබෑ තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ විෂයයන් සඳහා මොඩියුල 106ක් මුද්‍රණය කර ඇති අතර, අනෙකුත් මොඩියුලවල ද මෙවැනිම ආකාරයේ දෝෂ හෝ ගැටලු පවතින්නේ දැයි සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂාවක් දැනටමත් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මේ දක්වා සෙසු කිසිදු මොඩියුලයක් සම්බන්ධයෙන් මෙවැනි පැමිණිලි වාර්තා වී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ගැටලුවට ලක්ව ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අදාළ නුසුදුසු කොටස් වහාම ඉවත් කර යළි බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය
© all rights reserved
Designed by LCN Media