Slider

වෙඩිල්ල තව දුර යයි.. හල්ලොලුවගේ දුරකතනය CIDයට..



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති තුසිත හල්ලොලුව මහතාගේ ජංගම දුරකථනය රහස් පොලිසියට භාර දෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ. ඒ ඔහුගේ මෝටර් රථයට පසුගි 17 වන දින නාරාහේන්පිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි.


මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් මත විමර්ශන කටයුතු ඉදිරියට යයි.

ඩුබායිහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම වෙඩි තැබීම සිදුකරන ලද බව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් විසින් හෙළිදරව් කර තිබේ.
© all rights reserved
Designed by LCN Media