ප්‍රහාරයෙන් තුවාලලත් ආරක්ෂක නිලධාර්යා මිරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මන්ත්‍රීවරයාගේ හිසට සිදුවූ තුවාල සඳහා බාහිර ප්‍රතිකාර ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
අලුයම දෙකට පමණ පැමිණි ඇති පිරිස මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂක නිලධාරියාට පහර දී මුඛයට රෙදි කැබලි ඔබා ප්ලාස්ටර් අලවා අතපය බැඳ දමා පිරිස නිවසේ නාන කාමරයේ කවුළුවකින් නිවසට ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇත.
අනතුරුව මෙම කල්ලිය කාමරයේ තිබූ බඩුබාහිරාදිය අවුස්සා ඇති අතර ඔවුන් පසුව මන්ත්‍රීවරයා නිදා සිටි ඉහළ මහලේ කාමරයට ඇතුළු වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
පිරිස පැමිණීමත් සමග වහා අවදි වූ මන්ත්‍රීවරයා මැර පිරිස සමග පොර බදා ඔහුගේ හිතවතෙකුට මේ බව දුරකථනයෙන් දැනුම් දීමට ගත් උත්සාහයේදී, කල්ලියේ සාමාජිකයෙක් මන්ත්‍රීවරයාට කිසියම් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දීම නිසා මන්ත්‍රීවරයාගේ හිසට තුවාල සිදු වී ඇත. මන්ත්‍රීවරයාගේ කුඩා දරුවන් තිදෙනා කාමරයක සිරකර තබා සිට ඇත.
මේ අතර ආරක්ෂක නිලධාරීයා තමා බැඳ දමා තිබූ රැහැන් දැඩි පරිශ්‍රමයකින් යුතුව ගලවා දමා පිටතට පැමිණ අවට ප්‍රදේශ වාසීන්ට ඇසෙන පරිදි කෑ ගසා ඇති අතර මුරකරුගේ කෑ ගැසීම ඇසුණු මෙම කල්ලිය පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මන්ත්‍රීවරයා සන්තකයේ තිබූ රුපියල් තුන්ලක්ෂ අසූ දාහක මුදලක් මෙම කල්ලිය පැහැර ගෙන ගොස් ඇති බව හෙළි වී ඇත.
මෙම පිරිස පැමිණ ඇත්තේ දේපොළ සොරා ගැනීමේ අරමුණින්ද නැතහොත් වෙනත් අරමුණකින්දැයි හෙළි කර ගැනීමටද පරීක්ෂණ සිදු කෙරේ.
නිට්ටඹුව පොලිස් නිල සුනඛ ටාරාගේ සහාය මෙම පරීක්ෂණ සඳහා ලබා ගත් අතර ගම්පහ පොලිස් අපරාධ නික්ෂණ අංශයේ නිලධාරීහු ස්ථාන පරීක්ෂණ සිදු කළහ.
– පුෂ්ප කුමාර මල්ලව ආරච්චි