Slider

ඇමති සමන්තට හූ තියා පන්නයි…



වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකදී දැඩි විරෝධයක් එල්ල විය.

දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ අවස්ථාවට පැමිණි ඇමතිවරයාට මෙම විරෝධය එල්ල විය.

විරෝධය දැක්වූ පිරිස් කියා සිටියේ යෞවන සමාජ සම්මේලන නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම සඳහා දේශපාලන මැදිහත්වීමෙන් සිදුවන බවයි.

විරෝධතාකරුවන් අමාත්‍යවරයාට හූ තැබූ අතර ඔහු සිය කතාව අවසන් කර එම ස්ථානයෙන් පිටව ගියේය.

දිස්ත‍්‍රික් යෞවන සමාජ සම්මේලනය නිලධාරීන් පත් කිරීමේදී රට පුරාම මේ ආකාරයේ කටයුතු සිදුවන බවට චෝදනා එල්ල වෙමින් ඇත.

ගම්පහ තරුණ සම්මේලනයේදීද නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතාටම දැඩි විරෝධයක් එල්ල වූ අතර මාතලේ දිස්ත්‍රික්කයේදී ද මෙම විරෝධය එල්ල වී තිබේ.


© all rights reserved
Designed by LCN Media