මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ට ගමන් කිරීමට ලබා දී තිබූ සියලු රථ මේ වන විට ආපසු රජයට කැඳවා ඇති බවයි.ඒ අනුව මේ වන විට ආරක්ෂකයන්ට ගමන් කිරීම සඳහා කිසිදු රථයක් නැතැයිද ඔහු සඳහන් කළේය.
ගිනි අවි සහිත ආරක්ෂකයන්ට පෞද්ගලික රථවල ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බවත් එම තත්ත්වය මත මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය යම් අනතුරුදායක තත්ත්වයකට ඇතිවී තිබෙන බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.