කොළඹ තදබදය අඩු කරන්න නව ගුවන් පාලමක් විවෘතයි..



කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් ලබා දෙමින්, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ බාලදක්ෂ මාවත යා කරමින් ඉදි කෙරුණු නව ගුවන් පාලම අද දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ කරන ලද්දේ 2021 වසරේදීය. කෙසේ වෙතත්, මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි වැඩකටයුතු අතරමග නවතා දැමීමට සිදු විය.

ඉරානයට ගැහුවොත් අපි නිකං ඉන්නෑ..- පුටින් ට‍්‍රම්ප්ට කෙලින්ම අමතයි..



ඉරානය තුළ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

විදෙස් පුවත් සේවා වාර්තා කරන අන්දමට, ඉරානයට එරෙහිව කිසියම් හෝ හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව පෙළඹෙන්නේ නම්, රුසියාව ඒ දෙස නිහඬව බලා නොසිටින බවට ජනාධිපති පුටින් (14) සෘජු අනතුරු ඇඟවීමක් කර ඇත.

SJB විරෝධතා..



නිදහස් අධ්‍යාපනය රැකගන්නා ලෙසට බල කරමින් සහ වැඩි කිරිමට යන විදුලි බිල විරෝධය පාමින් නාවලපිටිය නගර මධ්‍යයේ සජබ ආධාරකරුවන් පිරිසක් උද්ගෝෂණයක නිරත විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහ නුසුදුසු මොඩුයුල ඇතුලත් කිරීම, විදුලි බිල හා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පාමිනුයි මෙම උද්ගෝෂණය පවත්වනු ලැබූවේ.

අපි විපක්‍ෂයේදීවත්, ආණ්ඩුවේදීවත් කිසිම බොරුවක් කියා නෑ...



තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අභියෝග කරයි.

කුණාටු විපතට වගකියයුත්තන් සොයන්න කමිටුවක්....

'

ඩිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒ සඳහා පැවති සූදානමෙහි අඩුපාඩු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොඩියුලය අවුල් කල අය සොයා ජනපතිගෙන් මෙහෙයුමක්..



අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව චෝදනා එල්ල වන ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ගුරු විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමග ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ දොලොස්දහසක් මරුට..?



ඉරානය පුරා පසුගිය දිනවල පැවැති විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ දරුණු මර්දනය හමුවේ අවම වශයෙන් පුද්ගලයින් 12,000ක් පමණ මියගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

(Iran International පුවත් සේවයේ කර්තෘ මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ඝාතන හුදෙක් අහඹු ගැටුම්වල ප්‍රතිඵලයක් නොව ඉහළ පෙළේ නියෝග මත සිදු වූ සැලසුම් සහගත මෙහෙයුමකි.

නාමල්-ලිමිණි බුද්දගයාව වැද පුදා ගනී..



ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්, ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේ ය.

බුද්ධගයා විහාර ලේකම් ආචාර්‍ය මහාශ්වේත මහාරතී, ඇතුළු එහි කළමනාකාර කමිටුවේ බුද්ධරතන ස්වාමීන් වහන්සේ, ධම්මිස්සර ස්වාමින් වහන්සේ, කෞඩින්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ද ලබා ගත්තේ ය.

රජයේ ඉඩම්, දේපළ ආයෝජකයන්ට...



වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍යය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන් යටතේ පවතින ඌන උපයෝජිත ඉඩම්/දේපළ අතරින් පළමු අදියර යටතේ හඳුනාගනු ලැබූ ඌන උපයෝජිත ඉඩම්/දේපළ, 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි සුදුසු ආයෝජකයන් වෙතබැහැර කිරීම පිණිස මේ වන විට කටයුතු කරමින් පවතී.

එකී පළමු අදියරට ඇතුළත් නොවූ ඌන උපයෝජිත ඉඩම්/ දේපළ අදාළ ආයතන යටතේ තවදුරටත් පවතින බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව, පහත සඳහන් ඉඩම්/ දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් බදු පදනම මත ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* දෙවන අදියර යටතේ හඳුනාගනු ලැබ ඇති ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඌන උපයෝජිත ඉඩම් / දේපළ.

* තේ ශක්ති අරමුදලට අයත් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි හෙක්ටයාර 40.48ක මාවරල වත්ත ඉඩම හා තේ කර්මාන්ත ශාලාව.

* ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් භුක්ති විදිනු ලබන කොන්ඩච්චි වතුයායේ හෙක්ටයාර 1,541 ක ඌන උපයෝජිත ඉඩම.

අතහරින්න එපා.. ගහපු අය මතක තියාගන්න.. අපි මග එනවා..ට‍්‍රම්ප් ඉරාන අරගලකරුවන්ට දන්වයි...



ඉරානය පුරා සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන දැවැන්ත විරෝධතා මර්දනය කිරීමේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් වාර්තා කරයි,. මෙම තත්ත්වය හමුවේ ඉරාන රජය "දරුණු ලෙස අනිසි ලෙස හැසිරෙන" බව පවසන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විරෝධතාකරුවන්ට සහාය වන බවට පොරොන්දු වී තිබේ,.

අගමැතිනිට හූ තියයි.. දැඩි පොලිස් ආරක්‍ෂාව මැද පිටව යයි...



ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබා සිය විරෝධය පළ කර තිබේ.

අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, එතැනින් පිටත්ව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කරන්නේ අවබෝදයක් නැති පිරිසක්..



වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති පිරිසක් එහි කටයුතු සිදුකරන බව පෙනී යන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ වදාළහ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් පිරිසක් මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ බැහැදැක, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේදී මහා නාහිමියෝ මේ බව සඳහන් කළහ.

ලාල් නොනැවතේ.. තවත් වනචාරී කතාවක්..



අමාත්‍ය KD ලාල් කාන්ත මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහනක් හේතුවෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.

අදාළ සටහන තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ "තවත් වනචාරියෙකු දුටිමි" යනුවෙනි.

මීට පෙරද අවස්ථාවක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මිහින්තලයේ වනචාරියෙකු සිටින බවත්, ඔහු කට ඇරියහොත් පවසන්නේ අසභ්‍ය වචන බවත්ය.

අගමැතිනිගේ ලිංගික රුචිය ගැන මඩ ගහනවා කියා CID පැමිණිල්ලක්...



අගමැති හරිනි අමරසූරියට අපහාස වන ලෙස පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගනිමින් සිදුවන පහත් පෙළේ හැසිරීම් සහ විවේචන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්‍ෂ සුභාෂණ සුභවික‍්‍රම මහතා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කර සිටියේ, පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් මෙතරම් පහත් ආකාරයෙන් හැසිරෙන්නේ ඇයිද යන්නයි.

මොඩියුලයට වඩා බරපතල අපරාධයක් ගැන රහස් පොලිසි යයි..




මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් රාජ්‍ය ලාංඡනය, රටට අපකීර්තියක් වන අයුරින් විකෘති කර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

බ‍්‍රිතාන්‍යයට තීරු බදු රහිතව ඇඟලුම් අපනයනයට අවස්ථාව..



ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ට ජනවාරි පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි තීරු බදු රහිත ප්‍රවේශය හිමිව තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

බාල ගල් අගුරු ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ දුෂිත හාල් සමාගමකින්..



නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 750කට අධික පාඩුවක් සිදුව ඇති බවට බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය චෝදනා කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන පරිදි, ඉදිරි වසර සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය 'ට්‍රයිඩන්ට් චෙම්බර්' (Trident Chamber) නම් ඉන්දියානු සමාගමකට ලබා දී ඇත. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී කැඳවිය යුතු මෙම ටෙන්ඩරය ජූලි මාසය දක්වා ප්‍රමාද කර ඇති අතර, එම කාලය තුළ මෙම සමාගම ඇතුළු සමාගම් දෙකක් අලුතින් ලියාපදිංචි වී තිබේ.

ඇමරිකාවට පහර දෙන්න ඉරානය සැරසේ...



ඉරානය පුරා පවතින අර්බුදය මුල් කරගනිමින් ආරම්භ වූ විරෝධතා මේ වන විට වසර ගණනාවකට පසු එරට ඇති වූ දරුණුතම නොසන්සුන්කාරී තත්ත්වය දක්වා වර්ධනය වී තිබේ.

තමන්ට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

හරිනි ඉවත් කරන්නැයි ලොකු තැනකින් පණිවුඩයක්..



දැනට ඉදිරිපත් කර ඇති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අත්හිටුවා ඒවා අවලංගු කරන ලෙස ඉල්ලමින් දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සංදේශයක් යොමු කර තිබේ.

නාමල්ට ජනාධිපති වෙන්න කිසිම ඉඩක් නෑ.. රාජපක්‍ෂලා කුණු කූඩයේ..



වර්තමාන රජය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සහ මෙරට දේශපාලන ක්‍රියාධරයන්ගේ පිරිහී ගිය හැසිරීම් රටාව විවේචනය කරමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී එම පක්ෂයේ නායකත්වය අවධාරණය කළේ, ප්‍රතිපත්තිමය දේශපාලනය වෙනුවට පුද්ගල අපහාසය රජකරවන "වනචර දේශපාලනය" මහජනතාව විසින් පරාජය කළ යුතු බවයි.

ආණ්ඩුව විවේචනය කලැයි ජනපති මිතුරාට ජවිපෙන් තර්ජන.. ලන්ඩනය ඇවිත් ගහන්න සැලසුමක්..



ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය ආධාරකරුවන් වෙතින් තමන්ට තර්ජන එවෙමින් ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු වන ලන්ඩනය වෙසෙන උවිදු කුරුකුල සුරිය මහතා සඳහන් කරයි.

තමන්ට අවස්ථා දෙක තුනකදී මෙම පුද්ගලයා විසින් සමාජ ජාලා ඔස්සේ තර්ජන එල්ල කර ඇති බවද හෙතෙම කියා සිටී.

කෝච්චියේ හැපී ලොරියක් කුඩුපට්ටං..



කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ රඹුක්කන දුම්රිය ස්ථානයට ආසන්න හූරීමලුව දුම්රිය හරස් මාර්ගය හරහා ලොරි රථය ධාවනය කල අවස්ථාවේදීය

මිහින්තලේ වනචාරිය කියන්නෙම කුණුහරුප..



රටේ වත්මන් ප්‍රධානතම මාතෘකාව අධ්‍යාපනය වුවද, ඇතැම් පාර්ශව අධ්‍යාපනයට වඩා අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව අනවශ්‍ය ලෙස අවධානය යොමු කරමින් සිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

අධ්‍යාපනය පිළිබඳ මාතෘකාවට වඩා වර්තමානයේ බොහෝ දෙනා අග්‍රාමාත්‍යවරිය පිළිබඳව කතාබහ කරන බවත්, විශේෂයෙන්ම ආගමික නායකයන් යැයි කියාගන්නා පිරිසක් අග්‍රාමාත්‍යවරියගේ හැසිරීම්, චර්යා රටාවන් සහ ඇය කැමති අකමැති දේවල් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඇමරිකාවෙන් සිරියාවට දැවැන්ත ප‍්‍රහාරයක්..



සිරියාවේ පල්මයිරා නුවරදී ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් භාෂා පරිවර්තකයෙකු මියගිය සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව සිරියාව පුරා විසිරී ඇති ISIL ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

Operation Hawkeye Strike ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ සිරියාව පුරා ඇති ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම ඒකකය තහවුරු කළේය.

පුටින් අල්ලන්න ඇමරිකා මෙහෙයුමක්ද..?



වැනිසියුලානු හිටපු නායක නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එලෙසම අත්අඩංගුවට ගත යුතු බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි කළ ඉඟිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇත.

රාජ්‍ය ලාංඡනය කවුදෝ විකෘති කරලා.. CID පැමිණිලි කලා..



මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පසුගිය මාස දෙකක කාලය තුළ අවස්ථා දෙකකදී හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති බව අනාවරණය වේ.

මෙම සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කළේය.

2026 දී එක් දින විදේශ විනිමය අනුපාතිකයක්..



2026 වසරේ දී එක් දින විදේශ විනිමය අනුපාතිකය හඳුන්වා දෙන බව මහ බැංකුව පවසයි.

මනා විනිවිදභාවයකින් යුතු විදේශ විනිමය වෙළඳපොළක් ඇති කිරීම සඳහා මේ පියවර ගන්නා බව ද මහ බැංකුව කියයි.

2026 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ බව දැක්වේ.

අපි ග‍්‍රින්ලන්තය අල්ලන්නේ චීනය-රුසියාව අල්ලගන්න පෙරයි..



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තයේ පූර්ණ අයිතිය ලබා ගැනීමට දරන උත්සාහය ලොව පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත.

රුසියාව සහ චීනය වැනි රටවල් එම කලාපය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකාවට ග්‍රීන්ලන්තයේ 'අයිතිය' තිබිය යුතු බව ට්‍රම්ප් පවසයි.

ඉරානය ගිණියම්.. විදේශ ඇමති රටින් පලා යයි...



ඉරානය පුරා උත්සන්න වෙමින් පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පැනනැගී ඇති දැවැන්ත විරෝධතා හමුවේ එරට පාලනය දැඩි අර්බුදයකට ලක්ව ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා ඉරාන බලධාරීන් රට පුරා අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීමට පියවර ගෙන ඇති අතර, විවිධ නගරවලින් ගිනි ගැනීම් සහ ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් වාර්තා වේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංජන ධර්ම චක‍්‍රයට වෙන එකක්..



මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කර ඇති බවට සමාජ ජාල වල චෝදනා එල්ල වෙයි.

හිතපු තරම් සැර නොවෙයි.. පීඩන අවපාතය දුර්වල වී උතුර දෙසට..



නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (10) දින පෙ.ව. 04.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණි.

එය වයඹ දෙසට ගමන් කර අද දින පෙ.ව. 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී.

කඩා වැටුනු ගුවන් යානයේ කෑලි ගලවයි...



කටුනායක සිට විදේශිකයන් පිරිසක් රැගෙන යැමට නුවරඑලිය ග්‍රෙගරිවැව දක්වා පැමිණි සෙස්නා සී ප්ලේන් ගුවන් යානය අනතුරට හේතුව සෙවීමට සිදු කරන විමර්ෂන කටයුතු සදහා කැබලි කර කොළඹට රැගෙන යෑමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින් (09) දින පියවර ගැණින.

ඉන්දියා-ශ‍්‍රී ලංකා යා කරන පාලම අපේ යෝජනාවක් නොවේ..



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලම ආරම්භ කිරීමට සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට දුන් ඉන්දියාවේ යෝජනාව තවමත් පවතින බව ත් ශ්‍රී ලංකා රජය එයට ප්‍රතිචාර දක්වන තෙක් ඉන්දියාව බලා සිටින බව ත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ ය.

ග්‍රෙගරි වැවට කඩා වැටුනු ගුවන් යානය ගොඩගැනිම අසාර්ථක වේ...


නුවරඑලියේ ග්‍රෙගරිවැවේ ගොඩබෑමේදි (07) දින අනතුරට පත් පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා සැහැල්ලු ගුවන් යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ (08) දින ගොඩ ගැනීමට උත්සහ කලද එම ගුවන් යානය ගොඩ ගැනීමට අපහසු නිසා එම ගුවන් යානය ගොඩ ගැනීමට වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master divers) සේවය ලබා ගැනීමට කටයුතු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිළධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පැවසීය.

ඉරානයේ අන්තර්ජාලය මුළුමනින්ම විසන්ධි කෙරේ.. රූපවාහිනි ගිනිබත්.. මැදිහත්වීමට ට‍්‍රම්ප් සූදානම්..



පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ඉරානය පුරා ව්‍යාප්ත වී ඇති මහජන විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් එරට අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

රජයට එරෙහිව දියත් වන මහජන උද්ඝෝෂණ ඊයේ (08) දින රාත්‍රියේදී දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පරිවර්තනය වී තිබේ. එහිදී විරෝධතාකරුවන් විසින් එරට පාලන අධිකාරිය නියෝජනය කරන ප්‍රධාන ස්ථාන කිහිපයකටම අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.

වරිපනම් බද්ද 500%කින් ඉහලට..



මහනුවර ජනතාව මත, නගර සභාව විසින් සියයට 500 කින් ඉහළ නැංවූ වරිපනම් බදු බරක් පටවා ඇති බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය මේ පිළිබඳව රජයට සිය විවේචනය එල්ල කළාය.

ට‍්‍රම්ප් රුසියාවත් සටනට කැදවයි.. රුසියා තෙල් නැවක් අත්අඩංගුවට ගනී...



අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අත්ලාන්තික් සාගර කලාපයේදී සති දෙකක දැවැන්ත හඹා යාමකින් පසුව, රුසියානු ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු හමුදා සමත්ව තිබේ.

අමෙරිකානු සම්බාධක ලැයිස්තුවට ඇතුළත් නෞකා පරීක්ෂා කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ විශේෂ හමුදා මෙහෙයුමක කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ගිය ආණ්ඩු කල දේමයි මේ කරන්නේ.. දොස්තරලා වර්ජනයකට දින දෙති...



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණ.

විශේෂඥ දොස්තරලාට ආණ්ඩුවෙන් ලොකු තැනක් හදයි...



ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් සිදු වූ බුද්ධිගලනය රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක් ඇතිකිරීමටත් , ඒ හරහා සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට තල්ලුකිරීමටත් සමත් විය.

මේ සදහා රටේ ආර්ථික පිරිහීම ප්‍රධාන වශයෙන් බලපෑ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගෙ අනන්‍ය ගැටලු ඔවුන්ට අනන්‍ය ආකාරයට විසදීමට වත්මන් සේවා ව්‍යවස්ථාව අපොහොසත් බව බහුතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි.

ට‍්‍රම්ප් UN සංවිධාන 66කින් ඉවත් වේ.. ඒවායේ සේවක පඩි ගෙවන්නත් බැරිවේ..



එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන 66 කින් ඉවත් වීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.

පසුගිය බදාදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයක් මගින් මෙම සංවිධාන, නියෝජිතායතන සහ කොමිෂන් සභා සඳහා ලබාදෙන අමෙරිකානු සහාය අත්හිටුවනු ලැබීය.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට මුදල් දෙන බව ADB කියයි.. අගමැති හරිනි නෑ කියයි..



අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විෂය භාර ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසන්නේ අසත්‍ය බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසුරිය මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක මුදලක් ලබා දෙන බවය.

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න...



අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව එම සංස්ථාව සඳහන් කරයි.

නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් හැර අනෙකුත් ප්‍රධාන ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දමා ඇත. සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ.

ඉන්ධන වර්ගයමිල වැඩිවීම (රු.)නව මිල (ලීටරයක් - රු.)
ලංකා සුදු ඩීසල් (Auto Diesel)2.00279.00
ලංකා සුපිරි ඩීසල් (Super Diesel)5.00323.00
ඔක්ටේන් 95 පෙට්‍රල් (Octane 95)5.00340.00
භූමිතෙල් (Kerosene)2.00182.00
ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර එය පැවති මිලටම (රු. 294) අලෙවි කෙරේ.

ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය දේශීය මිල ගණන් කෙරෙහි සෘජුව බලපා ඇති බවත්, පවතින මිල සූත්‍රයට අනුව මෙම පියවර ගත් බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සහ සිනොපෙක් (Sinopec) සමාගම ද සිය මිල ගණන් සංශෝධනය කර ඇත.

IMF සීමාවන් අනුව වැය කළ හැක්කේ වන්නේ ජාතික නිෂ්පාදනයෙන් 13‍්‍%යි..



පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රාග්ධන වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මොඩියුලයේ අසභ්‍ය අඩවිය මං දැන සිටියා.. කිවුවෙ නෑ...



6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ.

ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ් අඩවියක් ලෙස දිස්වන බවයි.

පොත් ලක්‍ෂ හතරක පිටු ලක්‍ෂ අටක් කඩලා...



වර්තමාන රජයට පාසල් පෙළපොතක් පවා නිසි ලෙස මුද්‍රණය කර ගැනීමට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මුද්‍රණය කරන ලද පෙළපොත් ලක්ෂ හතරක, පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් පමණ ඉරා ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, මෙය බරපතළ අකාර්යක්ෂමතාවක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පොල් මිල අහසේ...



වෙළෙඳපොළේ පොල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන්නේ, නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක පැවතියද අතරමැදියන්ගේ අනිසි මැදිහත්වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

ඉකුත් සතියේ පැවැති පොල් වෙන්දේසිවලදී ගෙඩියක මිල රුපියල් 122 - 124 අතර අගයක පැවතුණි.

වෙන්දේසි මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳුන් මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 180 සිට 200 දක්වා ඉහළ අගයකට අලෙවි කරනු ලබයි.

කොළඹ නගරයට CCTV 400ක්..



කොළඹ නගරයේ රථවාහන නිරීක්ෂණය කිරීමට යොදා ඇති ආරක්ෂිත කැමරා 130 කට ආසන්න ප්‍රමාණයකින් කැමරා පනහකට වැඩි සංඛ්‍යාවක් විවිධ දෝෂවලට ලක්ව ක්‍රියා විරහිත වී ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මගින් අධීක්ෂණය කරන මෙම කැමරා නිසි පරිදි නඩත්තු නොකිරීම හා නවීන කැමරා සවි නොකිරීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාසල් වෙලාව අඩු කලත් අසභ්‍ය මොඩියුල කොහොමද උගන්වන්නේ..



පාසල් 2:00 දක්වා පවත්වාගෙන යැම අධ්‍යාපන අමාත්‍යාංශය වෙනස් කරගෙන ඇති බවත්, එය හොද තත්වයක් බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ජෝසප් ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ,

“විශේෂයෙන්ම (01) දින වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශෙයේ පනත මේ වන විට පාසල් 2:00 දක්වා පැවැත්වීම ඔවුන් ඉල්ලා අස් කරගෙන තියනවා, වෙනස් කරගෙන තියනවා විවිධ හේතු මත. ඉතින් ඇත්තටම හොද තත්වයක් විදිහට මේක අපි දකින්නේ. මොකද අපි දිගින් දිගටම කිව්වා, මේ පාසල් කාලය දීර්ඝ කිරිම කිසිදු විද්‍යාත්මක පදනමකින් කරපු දෙයක් නෙවෙයි කියලා.


වෙනිසියුලා තෙල් දැන් අපේ.. අපෙන් සොරාගත් තෙල් ආපසු ගන්නවා..



ඇමරිකානු සන්නද්ධ හමුදා විසින් වෙනිසියුලාවේ කරාකස් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ දැවැන්ත මිලිටරි ප්‍රහාරයකින් පසුව, එරට ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගත්තේය.

සෙනසුරාදා අලුයම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසුව, මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට ඇමරිකානු නීතිය හමුවට පැමිණවීම සඳහා නිව්යෝර්ක් බලා රැගෙන යමින් පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළේය.

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන රටින් පිටතට රැගෙන යයි



වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් තහවුරු කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.

"අමෙරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළා. ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කළා" ට්‍රම්ප් වැඩිදුරටත් දක්වා තිබේ.
© all rights reserved
Designed by LCN Media