කෝටි හතළිස් දෙකක බාල ඖෂධ සොයා ගනී...



ජාතික විගණන කාර්යාලය මගින් පසුගියදා නිකුත් කළ නවතම විගණන වාර්තාවට අනුව රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් 4 213 348 539 වටිනා ඖෂධ හා රසායන ද්‍රව්‍ය 20.24 වර්ෂයේදී තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබූ අතර තවත් රුපියල් 13 67 940 344 වටිනා ඖෂධ තත්ත්වයෙන් බාල වීම මත තාවකාලිකව භාවිතාවෙන් අත්හිටුවා ඇති බව සදහන් වේ.

අධිකරණයේ පෙනී සිටින්නැයි ජනපති අනුරට නියෝග කෙරේ..



රන්ජන් කටුගම්පොල

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් පාඩු කිරීමේ නඩුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට ඊයේ (30) නියම කළේය.

බුවනෙක රාජසබා මණ්ඩපයට දැමූ නඩුව ඉල්ලා අස්කර ගනී..



කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා වෙතින් රුපියල් මිලියන 3.75ක මුදලක් අය කර ගත යුතු බවට වන යෝජනාවක් කුරුණෑගල මහ නගර සභාවේදී ඉදිරිපත් වී තිබේ.

බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ගොනු කළ නඩුවක් වෙනුවෙන් මහ නගර සභාවට දැරීමට සිදු වූ වියදම සඳහා මෙම මුදල අය කර ගත යුතුව ඇතැයි යෝජනාවෙන් කියයි.

මහින්ද සමග පින්තූරයට පොලිසි දුවයි..



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කාන්තාවක් ආචාර කරන ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල වල තමන් යැයි හඟවෙල ලෙස සංසරණය වන්නේ යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.

‘රටම එකට’ පොලිස්පති ත‍්‍රිවිල්වල ස්ටිකර් අලවයි...



ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ශ්‍රී ලංකා සමාජය මුදවා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත “රටම එකට” ජාතික මෙහෙයුම දියත් කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 වන දින පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැලැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම, බහුවිධ ප්‍රවේශයන් මගින් රට තුල ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම මෙම ජාතික මෙහෙයුමේ ප්‍රමුඛතම අරමුණ වී ඇත.

කොට්ටහච්චිටත් කට වරදී...



පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

විපක්ෂය එකතු වෙන්නේ නීතියේ රැහැනෙන් ගැලවෙන්නයි කියා උගන්ඩා කුමාරි ලෙස සුප්‍රකට නීතිඥ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රිතුමිය ඊයේ ප්‍රකාශයක් කරනවා අපි චන මාධ්‍යවලින් දැක්කා. නීතියේ රැහැන ලෙස සාහිත්‍යමය ලෙස ප්‍රකාශ කරන්නේ මිනිසුන් නීතියට ගැට ගසන මිනිසුන් හික්මවන නීතියේ ආධිපත්‍යයටයි. නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය. යම් පුද්ගලයෙකු නීතියේ රැහැනෙන් ගැලවෙනවා කියන්නේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය කටයුතු කරන්නේ නෑ කියන එකයි. විපක්ෂය සමගි වෙලා විපක්ෂයේ බලය පෙන්නුවාම අධිකරණය බියට පත්වෙලා අධිකරණය විසින් විපක්ෂයේ දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ කියන එකයි නිලන්ති මන්ත්‍රිතුමිය කියන්නේ. මේක සෘජුවම අධිකරණයට කරන ලද අපහසයක්.නැතිනම් ඒ කුමය හැරුණු විට නීතියේ රැහැනෙන් ගැලවෙන්න විපක්ෂයට හැකියාවක් නෑනෙ.

දසුන් ශාතකට යලිත් ලොකු තැනක්...



ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රිකට් විස්සයි20 කණ්ඩායමේ නව උප නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමට පියවර ගෙන ඇත.

මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශානක, විස්සයි20 කණ්ඩායමට මෙතෙක් නොතිබූ උප නායක තනතුරට නම් කර තිබීම විශේෂත්වයකි.

ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ



හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය.

විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.

ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනුකර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව 2025 දෙසැම්බර් 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

වැලිගම වෙඩික්කරු මහ පාරේ නඩු ඇසූ පොලිස් නිලධාරීන් ගැන විමර්ශණයක්…



වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හා බැඳුණු ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව මේ වනවිට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඩඩ්ලි ‘Clean Sri lanka’ සමග එක්වෙයි.. ඇමති ටීබී හා එක්ව අලුත් ව්‍යාපෘතියක් අරඹයි…



“Clean Srilanka” ව්‍යාපෘතියට සහය දැක්වීම සදහා අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතාගේ මූල්‍ය හා ප්‍රතිසංස්කරණ දායකත්වය යටතේ පොළොන්නරුව හතමුණ හංදිය ජල කුළුණ සහ “සිහින ගමනාන්තය වැඩසටහන” යටතේ ක්‍රියාත්මක වන පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ සමාරම්භක උත්සවය 2025.10.28 වන දින සිදු කරණ ලදී.

පොලිස්පති ඉවත් කරන්නැයි කියයි.. දෙපාර්තමේන්තු විනය නියෝග කඩලා..



නව ජනතා පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍යය නිවේදනයයි

දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහයේ අංක 01 සහා අංක 05 කඩකීරිම සිදු කල පොලිස්පතිතුමන් වහා තනතුරෙන් ඉවත් කරනු .

කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මැතිතුමාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ ඔහු විසින් කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිතුමා විසින් ලබා දුන් ආරක්ෂාව පිළිබඳව හා ජගත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ඇති වී තිබෙන තර්ජන සඳහා මුල් වී ඇති කාරණා පිළිබඳව පොලිස්පතිතුමා විසින් සිදු කල ප්‍රකාශය සම්බන්ධව නව ජනතා පෙරමුණ අපගේ ද අවධානය යොමු වී ඇත.

සංවිධානාත්මක අපරාධ සඳහා යම් සම්බන්ධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා පැවැතීම නිසා මෙවැනි තර්ජන ගොඩනැගී ඇති බවත් ඒ සම්බන්ධව විවෘත විමර්ශනයක් පවත්වන බවත් පොලිස්පතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී. තවද මහජන දේශපාලන කටයුතු නිසා නොව යම් යම් කූඨ ව්‍යාපාර ජාවාරම් පුද්ගලයන් සමග සහ සම්බන්ධ වීම තුලින් මෙම මරණ තර්ජන නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇති බව ද වැඩි දුරටත් පොලිස්පතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙලෙස කිසිදු විමර්ශනයකින් තොරව සාක්ෂි රහිතව මහජන සේවයේ නිරත වන මන්ත්‍රීවරයකු පිළිබඳව අපහාසාත්මකව කරුණු ප්‍රකාශ කිරීම තුලින් ඔහුගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර එම ප්‍රකාශය නව ජනතා පෙරමුණ විසින් දැඩි ලෙස හෙළා දකිමු.

දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහය අනුව බී පරිශ්‍රෙය් අංක 01 යටතේ ” අපකීර්තිදායක හැසීරිම” මෙන්ම අංක 05 යටතේ ” බොරු කීම හෝ ඇත්ත සඟවා කථා කිරීම ” යන කරුණු දෙකම පොලිස්පතිතුමන් විසින් කඩ කර ඇති බව ඔහුගේ ප්‍රකාශය තුලින් ජනිත වේ.

ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරා දෙමින් පොලිස්පතිතුමන්ට සිතෙන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම තුල රට මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් කරා ගෙන යන සේයාවක් පෙන්නුම් කරන අතර ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව කටයුතු කරන පොලිස්පතිවරයකු සිටීම ස්වාධීන පොලීසියක පැවැත්ම ප්‍රශ්න සහගත වන බව අපි අවධාරණය කර සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රවාහය තුල මෙවැනි මාධ්‍ය සංදර්ශන අපි දැඩිව හෙළා දකින අතර රටේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් පටු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන ආණ්ඩුවේ මර්දනකාරී දේශපාලන ක්‍රියාවලියේ කොටසක් ලෙස සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධව පැන නැගී ඇති කාරණාව පිළිබඳව පොලිස්පතිතුමන් දැක් වු අදහස් ප්‍රකාශනය දැඩි ලෙස නව ජනතා පෙරමුණ විසින් හෙළා දකින අතර පොලිස්පතිතුමන් විසින් විනය සංග්‍රහය කඩකරමින් කටයුතු කිරීම පිළිබඳව නිතීමය ක්‍රයාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර ප්‍රකාශ කර සිටිමු.

මාධ්‍ය අංශය
නව ජනතා පෙරමුණ

ඇමරිකා හමුදා කදවුරක් ත‍්‍රිකුණාමලයට..? බදු අඩු කරන්ගන්න එකග වෙලා…?



ඇමරිකාව සිය කොන්දේසී ඉටු නොකළ ඉන්දියාවට 50%ක තීරු බදු පනවන අතර කොන්දේසි ඉටු කළ පාකිස්ථානයට 19%ක තීරු බදු පැනවූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පාකිස්ථානය ඇමරිකානු තෙල් මිලට ගැනීමට, එරට දුර්ලභ ඛනිජ සම්පත් කැනීමේ අවස්ථාව සහ ඩිජිටල්කරණ කටයුතු ඇමරිකානු සමාගම් වෙත ලබා දීමට එකඟ වී ඇති බවයි.

රජයට බිලියන හතලික ඩබල් කැබ් ගන්න ඉතා හදිසි අමුතු ටෙන්ඩරයක්…



අඩුම කාලයක් තුළ ලංසු ඉදිරිපත් කිරීමට ඉඩ දෙමින්, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඩීසල් ඩබල් කැබ් රථ 1,775ක් මිලදී ගැනීම සඳහා වූ බිලියන ගණනක ටෙන්ඩරයක් පසුගිය බ්‍රහස්පතින්දා කැඳවා තිබේ.

ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය හරහා, අලුත්ම, රෝද හතරේ ධාවන පද්ධතියකින් සහ ස්වයංක්‍රීය ගියර් පද්ධතියකින් සමන්විත ඩීසල් ඩබල් කැබ් රථ මිලදී ගැනීම සඳහා මුද්‍රා තබන ලද ලංසු කැඳවා ඇත. ටෙන්ඩරය ප්‍රකාශයට පත් කළ දිනය වන ඔක්තෝබර් 23 වන දා සිට නොවැම්බර් 3, 2025 දක්වා ලංසු ලේඛන මිලදී ගත හැකි අතර, ලංසු භාර ගැනීමේ අවසන් දිනය සහ වේලාව ලෙස 2025 නොවැම්බර් 4 වන දින ප.ව. 2.00 නියම කර ඇත.

පද්මෙ සමග ශ‍්‍රීමාලි ෆොන්සේකාගේ පින්තූර එලියට…



රංගන ශිල්පිනී ශ්‍රීමාලී ෆොන්සේකාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්ණ කර ඇත.

දැනට රැඳවම් නියෝග මත ප්‍රශ්න කෙරෙන කෙහෙල් බද්දර පත්මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය කැදවා තිබින.

ලංකාවට ගංජා ආයෝජකයන් පෝලිමේ එති..



ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ කංසා වගා කිරීමේ සහ අපනයනය කිරීමේ ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයින් කිහිප දෙනකුගෙන් යෝජනා ලැබී ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කරන පරිදි, හොංකොං සහ තායිලන්තය වැනි රටවල ආයෝජකයින් ගණනාවක් කංසා ආශ්‍රිත කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ එයට ආයෝජනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරිපත් කර තිබේ.

දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවං.. අඩි දාහක් පහලින් මෙට්ට දැම්මනං සම්පූර්ණයි..



විශාල පිරිසක් මරණයට පත් කරමින් ඇල්ල වැල්ලවාය පාරේ බස් රථයක් ප්‍රපාතයට පෙරළී මාරක අනතුරක් සිදුවූ ස්ථානයේ ඉදිකර ඇති නව මාර්ග බාධකය සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අදහස් පල කරයි.

අනතුරු වළක්වා ගන්නට යයි ඉදිකර ඇති මෙම නව ඉදිකිරීම් හරහා සිදුවන්නේ අනතුරට ලක්වන බස් රථය තවත් අඩි දහස් ගණනක් උඩින් ඉගිලි යාම බවද ඔහු කියා සිටී.

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට බාධාවක්…



මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රැස්විය.

බෝනොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාළ සියලු අමාත්‍යාංශ එක්ව මෙරට බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සදහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු,තීරණ ගන්නා විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවක් වේ.

ජවිපෙ අපි කරන කැපකිරීම මාලිමාවට කරන්න බෑ..



ජනතා විමුක්ති පෙරමුණේ විනය සම්ප්‍රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි බව වතු සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“ජනතා විමුක්ති පෙරමුණේ තියෙන විනය සම්ප්‍රදාය සංස්කෘතිය හැම තැනම තියෙන්න විදිහක් නෑ.. ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක්.

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර



රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේ දී මතුව ඇති ගැටලු සහ මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්චා කර ඇත.

සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්නේ නෑ.. ජාතික ආරක්ෂාව තහවුරුයි..



සාමාන්‍ය පුරවැසියාට පාරේ බැහැලා යන්නට ඇති නිදහස අද වන විට තහවුරු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්නේ නැති බවත්, රටේ ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති බව නිවාස රාජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.

බලශක්ති ඇමති හා අමාත්‍යංශ ලේකම් ගැටේ.. සේවා දිගුව එක පෑන් පාරින් අවලංගු කරයි…



විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

වැලිගම සභාපති ආරක්‍ෂාව ඉල්ලීම වැලිගම OICට දුන්නා..



පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලස මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් පොලිස්පතිතුමා වෙතආරක්ෂාව සලසන ලෙස ඉල්ලා යොමු කර තිබූ ලිපිය සම්බන්ධව.

ප‍්‍රකට නිලියකගේ රියේ හැපී දෙදෙනෙක් රෝහලේ.. නිලිය බීමතින්දැයි පරීක්‍ෂණ..



බත්තරමුල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් තුළදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රසිද්ධ නිළියක විසින් පදවනු ලැබූ මෝටර් රථයක ගැටීමෙනි.

තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගේ වයස අවුරුදු 27 සහ 36 වන අතර, ඔවුන් කොටිකාවත්ත සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

පද්මේගේ දුරකතනයේ ප‍්‍රකට නිලියකගේ අසභ්‍ය වීඩියෝ.. නිලියන් පහක් ප‍්‍රශ්ණ කරන්න කැදවයි..



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, ප්‍රකට රංගන ශිල්පිනියන් පස්දෙනෙකු සහ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ දිනූ නිරූපණ ශිල්පිනියක සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.

2024 දී බිලියන 3.8ක් ලාභ ලැබූ ශ‍්‍රී ලන්කන් 2025 දී බිලියන 7.6ක් පාඩු ලබයි..



SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ.

මේ වන විට SriLankan ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති 2025 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

බැකෝ සමන්ගේ දුරකතනයෙන් නාමල් නම මතුවෙයි.. මගේ සර් රාජපක්‍ෂ කියයි…



සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දේශපාලන රැකවරණය ලබාදීමේ සංස්කෘතිය සම්බන්ධයෙන් අතීත හා වත්මන් දේශපාලන තත්ත්වය විවේචනය කරමින් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ අතීතයේ පැවති ආණ්ඩු අපරාධකරුවන් ආරක්ෂා කළ බවයි.

මෙරට ව්‍යාපාරිකයෙකු දකුණු කොරියාවේ සිටි මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය එවයි..



ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරෙන තත්වයක්ක් තිබියදී දෙරට අතර පාලමක් ගොඩනැගුවහොත් එය තවත් හොඳින් සිදුවෙනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසති.

දලදා මාලිගාවේ දේපල අවභාවිත කරනවා යයි නිලංග දෑලට එරෙහි නඩුවක්…



දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් එම ආයතනයට අයත් දේපළ අයථා ලෙස පරිහරණය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු වන සංජය මහවත්ත මහතා ගොනු කළ රිට් ආඥා පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

කඩ හිමියන් සහ නිලධාරී අතරින් දැඩි උණුසුම් තත්ත්වයක්..



රුපියල් ලක්ෂ 2130 ක පිරිවැයක් යොදා 2010 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩ සාප්පු හිමියන් විසින් නගර සභාවට නියමිත පරිදි බදු නොගෙවු බවට පවසමින් නාවලපිටිය නගර සභාවේ නිලධාරින් එම කඩ සාප්පු මුද්‍රා තැබීම සඳහා පැමිණීමත් සමග කඩ හිමියන් සහ නිලධාරී අතරින් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

කොළඹ ජල ගැලීම්වලට විසඳුම් හොයන ගමන් ඉන්නේ..



කොළඹ නගරයේ වැසි ජල ප්‍රශ්නය කළමනාකරණය කිරීම සඳහා සෙසු රාජ්‍ය ආයතනවල සහය ඇතිව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දීම සඳහා මේ වන විටත් කොළඹ ප්‍රජා ශාලා සූදානම් කර ඇති බවත් මෙම ගැටලුව සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සහිත වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම සඳහන් කරයි.

‘මා ඝාතනයට ඔන්න මෙන්න..’ ඝාතනය වූ වැලිගම සභාපතිගෙන් පොලිස්පතිට ලිපියක්…



නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ පසුගිය අගෝස්තු මස 29 වන දින යොමු කර ඇති මෙම ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන්ට විවිධ පාතල කණ්ඩායම් ඔස්සේ මෙම තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

මහජන දිනයේ සභාපති පුටුවේ සිටියදීම වැලිගම සභාපතිට වෙඩි තියයි..



වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.

තරුණ සමුළුවට මිලියන 38ක්.. ටීෂර්ට්වලට විතරක් මිලියන 12ක්..



ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලද තරුණ සමුළුව සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ මහතා බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ දේශපාලන වංචා චෝදනා මතු කරයි.

මෙම තරුණ සමුළුවේ මුළු වියදම රුපියල් තුන් කෝටි අසූ අට ලක්ෂයකට ආසන්න වන අතර, එය කෝටි හතරකට ආසන්නය. වියදම් වාර්තාව රාහුල් සමන්ත නම් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර තිබූ අතර, එහි ප්‍රධාන වියදම් වූයේ බස් රථ සඳහා, සංග්‍රහ සඳහා සහ ප්‍රචාරණය සඳහා ය.

පැවති මූසල මුස්පේන්තු අඳුරු යුගය අවසන් කලා.. ජනතාව එහි ප‍්‍රතිඵල දැන් භුක්ති විදිනවා..



රටේ පැවති මූසල මුස්පේන්තු අඳුරු යුගය මේ වන විට පහව ගොස් ඇති බවත්, එම ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැන් එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළාය.

මන්ත්‍රීවරිය සිය කතාව ආරම්භයේදී පැරණි ජන වහරේ කියමනක් සංශෝධනය වීම පිළිබඳව අදහස් දැක්වීය. “පනින්න පෙර සිතා බලන්න” යන කියමන පසුගිය ආණ්ඩුව පැවති කාල පරිච්ඡේදය තුළ “ගිලින්න පෙර හිතා බලන්න” යන මට්ටමට වෙනස් වූ බව ඇය සඳහන් කළාය.

මෙම වෙනසට හේතු වී ඇත්තේ, බොන බෙහෙත් පෙත්තේ සිටම මහජනතාවට සෞඛ්‍ය සේවාව පිළිබඳව පැවති විශ්වාසය බිඳ වැටීම බවත්, මේ හේතුවෙන් ජනතාවට ඖෂධ “ගිලින්න පෙර හිතා බලන” තත්ත්වයක් උදා වූ බවත් මන්ත්‍රීවරිය පැහැදිලි කළාය.

මන්ත්‍රීනී කොට්ටහච්චි මහත්මිය පෙන්වා දුන්නේ රටේ සිදුවන අපරාධ අතර “සුදු කරපටි අපරාධ” පවතින බවයි. මෙහිදී, පුද්ගලයන් තමන්ගේ උගත්කම, රාජතාන්ත්‍රිකභාවය සහ තනතුර උපයෝගී කරගෙන, තමන්ටත් නොදැනෙන පරිදි සමාජයට දරුණු ගණයේ අපරාධ සිදුකරන බව ඇය කියා සිටියාය.

එවැනි අපරාධ සිදුකිරීමට තරම්, රටේ සෞඛ්‍ය සේවා තුළත් දේශපාලනමය වශයෙන් තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය ඉතා සූක්ෂමව කටයුතු කර ඇති බව ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

කෙසේ වෙතත්, මේ වන විට එම ක්‍රියාවලට සම්බන්ධ වූවන් එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

එම දේශපාලනික තීන්දු තීරණ වලට අනුබල දුන් සහ පහසුකම් සැපයූ රාජ්‍ය නිලධාරීන් පවා නීතියට අනුව එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව ඇය සඳහන් කළාය.

ජනතාව විසින් රට නැවත ගොඩනැඟීමට ජනවරමක් ලබා දී ඇති අතර, එහි එක් කොටසක් ලෙස සෞඛ්‍ය සේවාව ගුණාත්මක තත්ත්වයට පත් කිරීම සැලකෙන බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවා සපයන අතරේදී, එහි ප්‍රගතිය ලෝකය විසින් ද පිළිගෙන ඇති බව ඇය අවධාරණය කළාය. ඒ සඳහා සාක්ෂියක් ලෙස, පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුවේ සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලැබීම ඇය පෙන්වා දුන්නාය.

මෙම සභාපතිත්වය ලැබීම අපේ රටේ දවසින් දවස හිස ඔසවන ජනතාවගේ විශ්වාසය සමඟ සෞඛ්‍ය සේවාව නැවත ගුණාත්මක තත්ත්වයට තල්ලු වන ගමනේදී, ලෝකය ගෝලීය වශයෙන් එය පිළිගන්නා බවට සාක්ෂියක් බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.

අල්ලාගත් වරෙන්තුකරු ස්ථානාධිපති නිදහස් කරලා..?



මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කල නඩුවකට පෙනී නොසිටි විවෘත වරෙන්තු නිකුත් කර ඇති වරෙන්තුකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් නිළධාරියෙකු විසින් අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා පොලිසිය වෙත රැගෙන විත් ඇත.

රුහුණු සරසවිය යුද පිටියක් වෙයි.. සිසුන් හයක් රෝහලේ.. විස්සක් කූඩුවේ…



රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන හා තෙවන වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, තවත් විසි දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි බලධාරීහු පවසති.

ඩොලර් බිලියන හයක් අතුරුදන්.. කවුරුහරි ඒවා හොරකම් කරලා..



දේශීය වත්කම් ලෙස ඇස්තමේන්තු කර තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 600ක මුදලක් අතුරුදන් වී ඇති බවත්, එය යම් පිරිසක් විසින් අත්පත් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.

මෙම අදහස් පළ කිරීම සිදු කළේ කොළඹදී අද දින විවෘත කරන ලද අපරාධයකින් උපයාගත් දේ විමර්ශන කොට්ඨාශයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා…



පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ රටකට යැවීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත.

වැසි දරුණුයි.. ගංවතුර අවදානම් නිකුත් කෙරේ…



පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මහ ඔය ද්‍රෝණියේ ඇතැම් කොටස්වලට සැලකිය යුතු තරම් වර්ෂාපතනයක් ලැබී තිබීම නිසා, ඉදිරි පැය 36ක කාලය තුළ මහ ඔය නිම්නයේ පිහිටි පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

සෙව්වන්දිගේ දුරකථනය රහස් වමාරයි



නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දි සමග හිතවත්කම් පැවැත්වූ දේශීය, විදේශීය විවිධ තරාතිරමේ පුද්ගලයන් විශාල පිරිසක් පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

ඉෂාරා සෙව්වන්දි පරිහරණය කළ දුරකථන පණිවුඩ අනුව මෙම පුද්ගලයන් පිළිබඳ වැඩි තොරතුරු අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය කියයි.

ගම්පොල සමූපකාරය 7-0ක් ලෙස විපක්‍ෂ දිනයි.. මාලිමාවට එකක්වත් නෑ..



ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ පාලනය විපක්ෂයට හිමි විය.

පැවති නිලවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයන් සමිතියේ බලය තහවුරු කර ගත්හ.

වාහන ආනයන ලිහිල් කිරීම මෙවර අයවැයෙනුත්..



ඉදිරි වර්ෂයේදීද වාහන ආනයන ලිහිල් කිරීමේ සිය ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරමින්, එමගින් ආදායම් ඉහළ නැංවීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කරන බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, දැනට සකස් කරමින් පවතින ලබන වසරේ අයවැය තුළදී වසර පහක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර දීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමට අපේක්ෂා නොකරන බව වාර්තා වේ.

කාසල්රි ජලාශය ජලතර ගුවන් තොටුපලක් කරයි…



කාසල්රී ජලාශය (Castlereigh Reservoir) ජලතර ගුවන්තොටුපලක් (Water Aerodrome) බවට සහතික කිරීම සඳහාවන පරික්ෂණයක් (18) දින ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සිවිල් ගුවන්සේවා පරික්ෂක්වරුන් විසින් ක්‍රියාමත්මක කරන ලදි.

‘පෝට්සිටි’ ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය වෙයි..



කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය’ ලෙස නම් කර තිබේ.

බ්‍රිතාන්‍ය ෆයිනෑන්ෂල් ටයිම්ස්හි විශේෂ ඒකකයක් වන ‘fDi ඉන්ටෙලිජන්ස්’ විසින් නම්කර ඇති පරිදි එය 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ශ්‍රේණිගත කිරීම්වල තිරසාර කලාප සඳහා ‘ඉතා පැසසුමට ලක් වූ’ සම්මානයකි.

‘fDi ඉන්ටෙලිජන්ස්’ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ගෝලීය නිදහස් කලාප සම්මාන උළෙලේදී ලොව පුරා වඩාත්ම පොරොන්දු සහගත නිදහස් කලාප හඳුනා ගනී.

රන් මිල 20,000කින් බසී…



අද (18) වන විට කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක අගය රුපියල් 360,800ක් දක්වා පහත වැටී තිබේ.

ඊයේ (17) දිනයේ වාර්තා වූ රුපියල් 379,200ට සාපේක්ෂව මෙය රුපියල් 18,400ක අඩුවීමකි.

නි. ඇමති මුනීර් මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ෂුරා සභා නියෝජිතයෙක්..



අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉල්ලා තිබේ.

බගවන්තලාව ප්‍රදේශයට තද වැසි… පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි…



බගවන්තලාව ප්‍රදේශයට (17) දින පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා ගමනා ගමනයට බාධා ඇති විය.

BYD වාහන ලක්‍ෂ ගණනක් ආපසු කැදවයි.. ලාබෙට හදද්දී ගුණාත්මක භාවය අඩුවෙලා..



ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම, තාක්ෂණික දෝෂ හේතුවෙන් වාහන 115,000කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීම, පිරිවැය අවම කිරීමට සමාගම දක්වන සැලකිල්ල මත ගුණාත්මකභාවය අඩුවීම පිළිබඳව ඉහළ දැමීමට බල කෙරී ඇතැයි BloomBerg වාර්තා කරයි.

පාකිස්තාන ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක‍්‍රිකට් ක‍්‍රිඩකයන් තුනක් මිය යයි..



සිකුරාදා රාත්‍රියේ පාකිස්තානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ටොලෝ නිවුස් වාර්තා කළේ මෙම ප්‍රහාරය කන්දහාර්හි ස්පින් බෝල්ඩක් දිස්ත්‍රික්කයේ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගෙන ඇති අතර, මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් බවයි.
© all rights reserved
Designed by LCN Media